News

ඒකල පොහොර කම්හලේ ආසාදිතයන් 56ක්

 

ඒකල පොහොර කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස ඇති බව ජාඇළ ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්ලිව්.එම්.වයි. විජේසිංහ පවසයි.

එම කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වීමත් සමග පොහොර ලබා ගැනීමට පැමිණෙන ලොරි රථ රියැදුරන් හා නාට්ටාමිවරුන්ද PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් අතුරින්ද කොවිඩ් 19 ආසාදිතයන් සොයා ගැනීමට හැකි වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි.

ප්‍රසංග පාවුළුහේවා – කටුනායක