නවතම ප්‍රවෘත්ති

ඔවුන් කඩා බිඳ දැමුවේ මා තැනූ එක් මාලිගාවක් මිස මාලිගා තනන්නට මට ඇති හැකියාව නොවේ…

 

කෙනෙකු දැඩිව අල්ලාගෙන සිටීම ආදරය නොවේ. සමහරවිට ආදරයේ පරිණතම ස්වරූපය, අතහැරිය යුතු තැන හඳුනාගැනීමය. මෙය ජීවිතයේ එක් ගැඹුරු සත්‍යයකි. ඒ සත්‍යය තේරුම් ගන්නට මට කොපමණ කාලයක් ගත වූවාදැයි කෙනෙකු ඇසුවහොත්, මගේ පිළිතුර අවුරුදු තිස්දෙකකි.

 

අද මා ඔබට ලියන්නට යන්නේ යුරෝපයේ ජීවිතය ගැනම නොවේ. මෙහි පරිසරය, ගස්වැල්, සතා සීපාවා, ගෙවල් දොරවල්, දේශගුණය පමණක් නොව මිනිසුන් සිතන පතන ආකාරය පවා වෙනස්ය. මේ මිනිසුන්ගේ ජීවිතය තුළ මා එක් දෙයක් පැහැදිලිව දකිමි. ඒ නම් ඔවුන් තමන්ට ආදරය කරන අතර අන් අයට ගරු කිරීමයි.

 

ඔවුන් හැර යන අය බලෙන් රඳවා නොගනී. කෙනෙක් හැර ගියා කියා තරහා වෛරය හදවත් තුළ තබාගෙන ජීවිත කාලයක් රැගෙන නොයයි. සමහරු විවාහ වී නොගැළපෙන අවස්ථාවලදී වෙන් වූ පසුවද මිතුරන් සේ ජීවත් වෙයි. මුලදී මගේ සිතේ ඒ ගැන තිබුණේ අප්‍රසාදයකි. මා සිතුවේ මොවුන්ට බැඳීම් ගැන හැඟීමක් නැති බවයි. නමුත් පසුකාලීනව එය Self-love සහ Self-respect බව මම හඳුනාගතිමි.

 

මම ජීවිත කාලය පුරා කරමින් සිටි එක වරදක් ඉංග්‍රීසි ජාතිකයන් ඇසුරේදී නිවැරදි කරගතිමි. ඒ නම් සබඳතා තුළ සියල්ලන් සතුටු කරන්නට උත්සාහ කිරීම වෙනුවට සබඳතා තුළ සෞඛ්‍ය සම්පන්න සීමාවන් තබාගැනීමේ කලාවයි.

 

පෙර කල මම මිනිසුන් මා ළඟ රඳවාගන්නට බොහෝ දේ කළෙමි. ඕනෑවටත් වඩා සමාව ඉල්ලුවෙමි. කියන්නට තිබුණු දේ නොකියා සිටියෙමි. අකමැති දේවලටත් සිනාසුනෙමි. මගේම හිත රිදවාගෙන, අනෙක් අයගේ හිත් නොරිදවා සිටින්නට උත්සාහ කළෙමි. එදා මට මිතුරුකම කියන්නේ අල්ලාගෙන සිටීමය. ඒ නිසාම සමහර බැඳීම් තුළ මා සිටියේ බියෙනි. ඔවුන් මා ගැන කුමක් සිතයිද යන සිතිවිල්ලෙන් කරන්නට කැමති බොහෝ දේ අතහැරියෙමි. ඇඳුමක් අඳින්නට පවා දෙවරක් සිතූ දවස් තිබිණි.

 

මා හැර ගිය ආදරවන්තයෙකු ගැන, මා රිදවූ මිතුරියක ගැන, මා නොසලකා හැරි සමීපතමයෙකු ගැන සිතමින් මම වද වූයෙමි. ඇයි ඔවුන් මට එහෙම කළේ? මා ඔවුන්ට කොතරම් ආදරය කළාද? කොතරම් අවංක වූවාද? එහෙත් ඔවුන් මා අතහැරියා නොවේද? රැවටුවා නොවේද? ප්‍රතික්ෂේප කළා නොවේද? වසර ගණනාවක් ඔවුන්ගේ මතක තුළ ඇලී ගැලී විඳවීමි. ඔවුන් නැවත පැමිණ සමාව ගනු ඇතැයි සිතුවෙමි.

 

පෘථග්ජන මිනිසුන් ලෙස අපට එසේ සිතීම අරුමයක් නොවේ. අප ආදරය දෙන විට පෙරළා ආදරය බලාපොරොත්තු වීමද මිනිස් ස්වභාවයකි. නමුත් දිනක් එක් කුඩා දරුවෙකුට මගේ සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් කරන්නට හැකි විය.

 

එකල මම බ්‍රිස්ටල් රෝහලේ ළමා වාට්ටුවේ මානසික සෞඛ්‍ය නිලධාරිනිය ලෙස රාත්‍රී වැඩමුරයේ යෙදී සිටියෙමි. එක් රාත්‍රියක මානසික සෞඛ්‍ය අංශයට කුඩා දැරියක පැමිණ ඇති බව දැනගන්නට ලැබිණි. මා එහි යන විට අවුරුදු හයක් පමණ වයසැති, තඹ පැහැ හිසකෙස් හා නිල් පැහැ ඇස් ඇති කුඩා දැරියක් මා එනතෙක් පුටුවක වාඩි වී බලා සිටියාය. මා ටික වේලාවක් ඈ සමග ආ ගිය තොරතුරු කතා කරමික් සිටියදී ඇය එක්තරා සිදුවීමක් ගැන මෙසේ මට පැවසීය.

 

“දවසක් මම හදපු වැලි මාලිගාවක් මගේ යාළුවා පයින් ගහලා කැඩුවා.” ඇය කීවාය.

 

“ඔයාට තරහා ගියාද?”

 

“ඔව්. මම ආයෙ එයා එක්ක සෙල්ලම් කරන්නෙ නෑ කියලත් කිව්වා.”

 මනරූ තීක්ෂණා

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න