ඕමන්තේ වෙඩි තැබීමක්
ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඥාතියෙකු විසින් එල්ල කළ වෙඩි පහරකින් එම පුද්ගලයා මරණයට පත්වී ඇත.
ඊයේ (10) රාත්රියේදී 10.30ට පමණ ආරවුලක් සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයාගේ මාමා විසින් වෙඩි තැබීම කර තිබේ.
ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 29හැවිරිදි අයෙක්.
වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද (11) වව්නියාව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඕමන්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
