ඕමානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස රැගත් ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.30 ට ඕමානයේ මස්කට් නුවර ගුවන් තොටුපළෙන් පිටත් වී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසු, පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කර ඇත.
මේ අතර ඊයේ (28) දින රාත්රී 9.30ට හොංකොං හි ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
