Top Story

ඕස්ට්‍රේලියානු දේශපාලඥයින් ඝාතනයට සැලසුම් කළ ලාංකීක සිසුවාගේ චෝදනා ඉවතට

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමීර් නිසාම්දීන්ට එරෙහිව එරට පොලිසිය එල්ල කර තිබූ චෝදනා ඉවත් කර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍ය මයික් මැල්කම් ටර්නුබුල් ඇතුළු එරට දේශපාලනඥයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සඳහා සකස් කළ සැලසුම් සටහන් කළ බවට ‍මොහොමඩ් කමීර් නිසාම්දීන් පසුගිය අගෝස්තු මාසයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නමුත් එම සටහන් ඔහු විසින් සිදුකර නොමැති බවට තහවුරු වීමත් සමඟ ඔහු ඇපමත නිදහස් කෙරුණි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කළේ ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු සතුව තිබියදී සොයාගෙන ඇති බවයි.

නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතයි.

සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය පැවසීය.