News

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

දේශීය කිරි කර්මාන්තය දිරි ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ තීන්දු තීරණ රාශියක් ගෙන තිබේ.

ඒ අනුව කුඩා සහ මධ්‍යම පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ දියර කිරි නිශ්පාදන වැඩි කිරීම සඳහා කිරි ගවයින් 2500ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.