ඕස්ට්‍රේලියාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට
ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) පස්වරුවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් අතර ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් සහ එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි මෙරට සිසුන් පිරිසක් ද බව වාර්තා වේ.
මෙම ගුවන් මගීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 600 දරන විශේෂ ගුවන් යානයෙන් අද පස්වරු 2.33 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති නව වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරනු ලැබීය.
