කඩුවෙලින් කොරෝනා ආසාදිතයන් 68ක්
කඩුවෙල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (01 වැනිදා) දින වන විට කොව්ඩ් 19 වැලඳුන රෝගීන් 68ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කඩුවෙල – හෝකන්දර – අතුරුගිරිය – ඔරුවල ගල්වරුසාව – කොරතොට – සමගිපුර ඉහළ බෝමිරිය, පහළ බෝමිරිය, නවගමුව රණාල – වැලිවිට – හේවාගම ඇතුළු ප්‍රදේශ ගණනාවකින් රෝගීන් වාර්තා වී ඇත.
කඩුවෙල – බෝමිරිය වෑකේවත්ත ප්‍රදේශයේ ලෝහ කර්මාන්ත ශාලාවේ සේවකයින් 29ක් එකවර හඳුනාගැනීමත් සමගම කඩුවෙල කොරෝනා රෝගීන් ගණන ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම ලෝහ කර්මාන්ත ශාලාවේ සේවකයින් 50කගේ පී.සී.අර්. පරීක්ෂණයෙන් 29ක්ම ආසාදිතයන් වීම බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම කර්මාන්ත ශාලාවේ ඉන්දීය ජාතිකයින්ද සේවය කරන බව පැවසේ. මෙම ලෝහ කර්මාන්ත ශාලාවේ ආසාදිතයකු ඔරුවල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වී ඇත. ඒ ආශ්රිත නිවාස 05ක් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර එහි ආශ්‍රිතයින් සොයා කටයුුතු කරන බවත් සෞඛ්‍ය අංශ පැවසීය.
අයිරංගි එදිරිසිංහ – කඩුවෙල
