කතරගම දේවාලයට නව බස්නායක නිළමේවරයෙක්
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඩිෂාන් ගුණසේකර මහතා පත්ව තිබේ.
අද (22) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී ඔහු නිතරඟයෙන් නව බස්නායක නිළමේවරයා ලෙස තේරී පත්වූ බව මොණරාගල දිස්ත්රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේය.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස කටයුතු කළ ඩිල්රුවන් රාජපක්ෂ මහතා මෙවර ඡන්ද විමසීමට ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.
