කථානායකගේ පෙර ගමන් රථයේ එස්.අයි.ට කොවිඩ්
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පෙර ගමන් රථයේ උප පොලිස් පරීක්ෂකවරයාට කොවිඩ් ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ (28 වැනිදා) ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇත.
මෙම පෙර ගමන් රථයේ රියැදුරු ලෙස සේවය කරන පොලිස් කොස්තාපල්වරයාටද මේ වන විට කොවිඩ් වැලඳී ඇත. මෙම පොලිස් නිලධාරීන් සමග සමීපව ඇසුරු කළ කථානායකවරයාගේ ඇමැති ආරක්ෂකයන් කවුරුන්ද යන්න මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශනයක් කෙරේ.
කථානායකවරයාගේ ආරක්ෂාවට සිටින ඇමැති ආරක්ෂක අංශයේ කිහිප දෙනකුද මේ වන විට නිරෝධායනට යොමුකර ඇත.
අජිත් අලහකෝන්
