කන්දකඩු රැඳවියන් බැලීමට ගිය කිසිවෙක්ට කොරෝනා නෑ
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රැඳවියන් බැලීමට පැමිණි පවුල්වල සාමාජිකයින් 114ක් සහ එම පවුල්වල සමීපතමයින් 368කගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් ඒ බව තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජයට යෑමට තිබූ එක් අවස්ථාවක් මගහැරී ගොස් ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
කන්දකාඩු පොකුරෙන් කොරෝනා ආසාදනය වී තිබෙන්නේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
