News

කන්දකාඩුවේ කොරෝනා අසාදිතයින් 550ක් වෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 444 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කාර්යමණ්ඩල සාමාජිකයින් 64 දෙනෙකු ද ආසාදිතයින් අතරට අයත් ය.

ඔවුන්ගේ ආශ්‍රිතයින් 44 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2697 ක් දක්වා ඉහළ ගොස් තිබේ

වෛසරය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 674 කි.