News

කන්දකාඩුවේ කොරෝනා අසාදිතයින් 560ක් වෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 560 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතරින් පුද්ගලයන් 451ක් පුනරුත්තාපනයවන රැඳවියන් වෙයි.

පුද්ගලයින් 63ක් කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් ද, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයින් 5ක් සහ ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 41 ක් ද මේ අතර සිටියි.