කරාපිටිය රෝහලට ඇතුලත් කළ රෝගියෙක්ට කොවිඩ්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 16 වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටි රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත රණවිර මහතා පවසයි.
මෙකි රෝගියා 29 හැවිරිදිවියේ පසුවන හින්පැන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හින්පැන්දල ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිකරණ වෙළදසැලක සේවය කරන අයෙකි. හදිසියේ ඇතිවු රෝගි තත්වයක් නිසා මොහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.
රෝහලේ දි කළ පි.සි ආර් පරික්ෂණයේ දි මෙකි තරුණයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (07) රාත්‍රි තහවුරුවිමෙන් පසු ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මෙම රෝගියාට සාත්තු කිරිම සදහා ඔහුගේ පියාද මොහු ළග නතරවි සිට ඇති අතර ඔහුද පි.සි.ආර් පරික්ෂණයකට ලක්කොට ඇත. පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. පියා නිවස තුල නිරෝධායනයට යොමුකොට ඇත.
මෙකි රෝගියා සමග ගැටුණු 16 වාට්ටුවේ කාර්යමණ්ඩලය ගැන ගතයුතු පියවරයන් පිළිබද අද(08) උදැසන රෝහලේ දි පැවැත්වෙන රැස්විමේ දි තින්දුකරන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
එච් එම් සමන් – අක්මීමන
