කල්පිටියේ 10කට කොවිඩ්
කල්පිටිය රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩල කණිෂ්ඨ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇත් බව හඳුනා ගෙන ඇත.
එම සේවකයා කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට නියමිතව ඇති අතර කල්පිටිය රෝහල මුළුමණින්ම විශ විශබිජහරණයට හාජනය කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බව වාර්තා වේ.
මේ සමග කල්පිටියේ ආසාදිත සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ඍජු සබඳතා සහිත ආසාදිතයන් හත් දෙනෙකුත්,ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් දෙදෙනෙකුත් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
