Food

කහබත් හදමු!

අවශ්‍ය ද්‍රව්‍ය

මුතු සම්බා හෝ කීරි සම්බා කිලෝ 2ක්

වතුර කෝප්ප 4

ගිතෙල් හෝ බටර් මේස හැඳි 2

අඟල් 2ක ප්‍රමාණයේ කුරුඳු පොතු කැබලි 2ක්

කහ තේ හැඳි 1/4-1/2ක අතර ප්‍රමාණයක්

කැබලි 3කට කැපූ රම්පේ කොළ 1

ලුණු ස්වල්පයක්

 

අලංකාර කිරීමට 

බී ලූනු ගෙඩි1

බටර් හෝ ගිතෙල් මේස හැඳි 1

බදින ලද කජු 15g

කරපිංචා කිනිති 1

 

සාදාගන්නා ක්‍රමය

සහල් හොඳින් සෝදා දිය බේරෙන්නට හරින්න. ඉන්පසු එයට වතුර වත්කොට කුරුඳුපොතු, බටර් හෝ ගිතෙල්, රම්​පේ, ලුණු සහ කහ මිශ්‍රකොට ලිප මත තබා පිසගන්න. ඉන්පසු මෙම ආහාර විශේෂය අලංකාර කිරීම පිණිස යොදාගන්න බටර් හෝ ගිතෙල් සාස්පානක දමා මද ගින්නේ රත්කර ඊට බී ලූනු රැල් එක්කොට රන්වන් පැහැ ගැන්වෙන තෙක් එය බැදගන්න. පසුව කජු සහ කරපිංචා කොළ ඊට එක්කොට තත්පර කීපයක සුළු කාලයක් තුළ බැදගන්න.

ඉන්පසු පිසගත් බත්වලට අලංකාර කිරීම පිණිස යොදාගනු ලබන බැදගත් ද්‍රව්‍ය මුසු කරගන්න. අවශ්‍ය නම් අලංකාර කිරීම පිණිස යොදාගනු ලබන ද්‍රව්‍ය බත්වලට මුසු කිරීම වෙනුවට ඒ මත ඉසීමටද හැකිය.

කහබත් පිසීමෙන් පසුව ඒවා කෝප්පයකට දමා තෙරපා තදකොට කෝප්පයේ හැඩයට ලොකු දීසියකට දමා කෑමට යවන්න.

 

ආහාර වට්ටෝරුව එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත ‘රසින් සපිරි මැලේ බොජුන්’ පොතෙන්…