News

කහ ආනයන තහනම ඉවත්කර නැහැ -වෙළඳ ඇමති

මෙරට කහ ආනයනයට පනවා ඇති තහනම ඉවත්කර නොමැති බව අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි.

එමෙන්ම අපනයන අවශ්‍යතා සඳහා කහ ආනයනය කරන මෙරට ව්‍යාපාරික අපනයනකරුවන් හා සමාගම් පිලිබඳ ගැටළු පිලිබඳ තමා දැනුවත් කර ඇති බවයි සඳහන් කලේ.

ඒ අනුව මෙරට දේශීය වෙළඳපොල සඳහා නොව අපනයන අවශ්‍යතා සඳහා පමණක් පිටරටින් කහ ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ