News

කහ කිලෝ 5266ක් හමුදා භාරයට

මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ කහ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝ 5266ක් හමුදාව විසින් මෙලෙස සොයාගෙන තිබේ.

එම කහ තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි හැට අට ලක්ෂයකට අධික බවට තොරතුරු වාර්තා වේ.

නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ගෙන ඇති එම කහ තොගය ප්‍රවාහනය කරමින් සිටියදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.