කාන්තාවගේ කැති පහරින් ඥාතිතියෙකු මරුට සැමියා රෝහලේ
කරන්දෙණිය යක්කටුව තවාන ප්රදේශයේ ඊයේ දින (31) රාත්රියේ මෙම සිදුවීම සිදුවී ඇත. කාන්තාව එල්ල කළ කැති පහරින් ඇයගේ නිවසේ ජිවත් වූ ඥාති බාප්පා මරුමුවට පත්ව ඇත. එමෙන්ම සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
මෙලෙස ඝතනයවී ඇත්තේ කරන්දෙණිය යක්කටුව තවන ප්රදේශයේ පදිංචි ඉලන්දාරිදේව ප්රේමසිරි නමැති 75හැවිරිදි සිව් දරු පියෙක්.
කැති පහර එල්ලකළ කාන්තාවගේ සැමියා 58හැවිරිදි තිදරු පියෙක්.
තිදෙනාම එකම නිවසක ජීවත් වී ඇති අතර 31 රාත්රියේ ඇති වූ ආරවුලක් දුර දිග යාම නිසා කාන්තාව සැමියාට සහ ඥාති බාප්පට කැත්තෙන් පහර දී ඇත.
ඇගේ පහර දීමෙන් අංශභාග රෝගියෙකු වූ ඇවිදීමට නොහැකි ඥාති බාප්පා වන තැනැත්තා එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
තවද සැමියාගේ තත්වය බරපතල බැවින් ඔහු පළමුව ඇල්පිටිය රෝහලටත් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරුකර ඇත.
සැකකාරිය කලකසිට මානසික ආභාදයකින් පෙලෙන තැනැත්තියක බවද පැවසේ.
