කාන්තා රැඳවූවන් 8දෙනෙක් හිරෙන් පනින තැතක
බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනකුට පහරදී අත් පා බැඳ දමා පලා යාමට තැත් කළ කාන්තා රැඳවූවන් අටදෙනකු කුරුවිට බන්ධනාගාරයේදී ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගැනිණි.
නිලධාරිනියන් දෙදෙනා සතුව තිබූ දොරවල් කිහිපයක යතුරුද ඔවුන් විසින් පැහැරගනු ලැබ තිබිණි.
මෙම රැඳවූවන් අටදෙනාම මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත වූවෝය. ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිට කුරුවිට බන්ධනාගාරයට මාරු කළ අයයි.
මෙම රැඳවූවන්ගේ පහර කෑමට ලක්වූ නිලධාරිනියන් දෙදෙනා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
හේමන්ත ලියනපතිරණ
