News

කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදනයක්

ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

එනම් හෙට දින (06) පෙරවරු 6 සිට අනිද්දා (07) පෙරවරු 9 දක්වා කාලය තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70ක් දක්වා වැඩි විය හැකි බව නිවේදනයෙන් දන්වා තිබේ.

මේ කාලය තුළදී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව පැවසෙනවා.

එබැවින් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම ඉහත සඳහන් කාලය තුළදී අනතුරුදායක වන අතර නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවදානයෙන් කටයුතු කළ යුතු බව දන්වා තිබේ.