News

කැඩුන PCR යන්ත්‍රය යලිත් හෙට සිට වැඩ අරඹයි

දැඩි කතා බහට ලක්වූ නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කොට ඇති PCR යන්ත්‍රයේ ඇතිව තිබු තාක්ෂණික දෝෂය පැය 10කට පසුව අනාවරණය කර ගැනීමට හැකිවූ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

අකර්මන්‍ය වූ එම PCR යන්ත්‍රය සැදීමට චීන තාක්ෂණික කණ්ඩායම පැමිණ ඇත්තේ රාජතාන්ත්‍රික ඉල්ලීමක් අනුවයි.

යන්ත්‍රය යලි සැකසීමෙන් අනතුරුව එහි නිවැරදි භාවය සහතික කිරීම වස් සත්‍යාපන වට කිහිපයක් සිදුකිරිමට නියමිත අතර එය ලබන සඳුදා සිට නැවත පරීක්ෂණ සඳහා යොදා යොදා ගැනීමට නියමිත බව පැවසේ.