News

කැසිනෝ හලක් පවත්වාගෙන ගිය චීන්නු 5ක් මාට්ටු

චීන ජාතිකයන් විසින් නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය කැසිනෝ සමාජ ශාලාවක් කොල්ලුපිටිය පොලිසිය විසින් පෙරේදා (17 වැනිදා) වටලා චීන ජාතිකයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ එකහමාරකට අධික මුදලක්. කැසිනෝ ක්‍රීඩා කිරීමට යොදාගන්නා මේස සහ ටෝකන් රැසක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත ඇතුළු කණ්ඩායමක් ඉදිරි විමර්ශන සිදු කරති.

හේමන්ත ලියනපතිරණ