News

කුඩා දරුවන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න

කොවිඩ් 19 වසංගතය සමග කුඩා දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බව වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

දරුවන් ආහාර ගැනීමේ රටාවේ වෙනසක් සහ ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීම්වල වෙනසක් ඇත්නම් ඒ පිළිබඳ අවධානය යොමු කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

තවද රෝහල් තුළදී කොවිඩ් 19 වැලඳෙතැයි බියෙන් රෝහල්වලට ප්‍රතිකාර සඳහා නොපැමිණ, රෝග උත්සන්න වීමට ඉඩ නොහරින ලෙසද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

වරුණි පෙරමුණ