කුඩා බලාගාර 38කින් විදුලිය ගන්නැයි අගමැතිගෙන් උපදෙස්
කුඩා විදුලි බලාගාර තිස් අටකින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්ට උපදෙස් දුන්නේය.
කුඩා විදුලි බලාගාරවලින් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා ගැනීමේ ගිවිසුම් පසුගිය යහපාලනය රජය සමයේ නතර කර තිබිණි.
මෙම කුඩා විදුලි බලාගාර දේශීය ව්‍යාපාරිකයන්ට අයත් වන අතර එළැඹෙන සතියේදි එම කුඩා විදුලි බලාගාර තිස් අට සමග විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
මෙම විදුලි බලාගාර මගින් මෙගා වොට් හැත්තෑපහක් විදුලි බල පද්ධතියට එක්වනු ඇත.
අජිත් අලහකෝන්
