News

කුරුණෑගල නගරාධිපතිගේ චෝදනාවට ගාමිණිගෙන් පිළිතුරු

කුරුනෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බවට සැලකෙන රාජසභා මණ්ඩපය බදු දී ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

කුරුනෑගල නගරාධිපතිවරයා තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරන බවයි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ.

හෙට දිනයේදී තමන් මේ පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවත් එහිදී සියලු කරුණු මාධ්‍යට හෙලි කරන බවත් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අරුණ වෙබ් අඩවියට පැවසීය