කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්
කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සනාථ කළාය.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
එම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි.
මෙහි කොටසක් ජූලි 14 වැනි දා රාත්‍රියේ කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.
