News

කුරුණෑගල නගරාධිපති ඇතුලු 5කට වරෙන්තු

කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

කුරුණෑගල බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානී සිදුකිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ වරේන්තුව ලබාගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි