කුලියාපිටිය සිර මැදිරියේ සිරකරුවෝ 4 ක් පැනයයි
කුලියාපිටිය බන්ධනාගාර සිර මැදිරියෙන් සිරකරුවන් 4 දෙනෙකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන අතර ඊයේ(04) රාත්‍රී සිර මැදිරියේ වහලයේ උළු ගලවා ඔවුන් පැන ගොස් තිබේ.
එසේ පැනගොස් ඇත්තේ කබුරපොල, ගල්පොල,නාරංගොඩ හා අලහිටියාව ප්‍රදේශවල පදිංචිකරුවන් පුද්ගලයින් 4දෙනෙකි.
අදාළ සැකකරුවන් හෙරොයින් සන්තකයේ තබාගැනීමේ චෝදනා මත කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් විභාගවන නඩු 4කට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයින් වෙයි.
මේ වනවිට පැනගිය එක් සිරකරුවෙක් වාරියපොල බන්ධනාගාරයට භාර වී ඇති අතර අනෙක් සිරකරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇත.
