කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් වැසෙයි
පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමා තිබේ.
ඒ දරු ප්රසූතිය සදහා එම රෝහලට පැමිණි ගැබිනි මව්වරුන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට තහවුරුවීමත් සමගය.
ඒ අනුව කේතුමතී රෝහලේ වාට්ටු අංක 03 සහ 04 මෙලෙස වසා දමා තිබේ.
අදාළ ගැබිනි මව්වරුන් දෙදෙනා අටළුගම ප්රදේශයේ පදිංචිකාරිනියන් වන අතර, ඔවුන් රෝහලට ඇතුළත් කිරීමට පෙර සිදුකළ පරීක්ෂාවකට අනුව ඔවුන්ට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත.
එම ගැබිනි මව්වරුන් දෙදෙනා මේ වන විට මාලඹේ නෙවිල් ප්රනාන්දු රෝහලට යොමු කර තිබේ.
කේතුමතී රෝහලේ එම වාට්ටුවල ප්රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය එම වාට්ටුතුලම නිරෝධායනය කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ
එමෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද නිවෙස්වල ස්වයං නිරෝධායනය යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
