News

කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

මරණීය දණ්ඩනය නියමව සිටින දෙමට‌ගොඩ චමින්දගේ රියදුරු මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නොහොත් “කොණ්ඩ රිස්වාන්” කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද් තොරතුරකට අනුව ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු පදිංචිව සිටි මාකොළ කනත්ත පාරේ පිහිටි කුලීනවස පරීක්ෂාවකට ලක් කර තිබේ.

එහි තිබී හොරෝයින් ග්‍රෑම් 05ක්, ජංගම දුරකථන 05ක්, බැංකු පොත් තුනක් හා බැංකු කාඩ්පත් 03ක් සොයාගත් බව පොලීසිය පැවසීය.

සැකකරු 2015 වසරේ දේශපාලන රැස්වීමකට සහභාගි වූ ආමි සම්පත් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබලදීම යටතේ මොහුට චෝදනා එල්ල වී ඇත.