කොම්පඤ්ඤවීදිය, කුමාරන් රත්නම් මාවතේ ඇති වු ගින්නකින් නිවසක් විනාශයි
කොළඹ කොම්පඤ්ඤ වීදිය, කුමාරන් රත්නම් මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
පොලීසිය පැවසුවේ අද (22) දහවල් එම ගින්න හටගත් බවයි.
ගින්න පාලනය කිරීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නැහැ.
