කොරෝනා ආසාදනයවීමෙන් තවත් රැඳවියෙකු මියයයි
මහර බන්ධනාගාරයේ රැදවියෙකු කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
බන්ධනාගාර මූලස්ථානය සදහන් කළේ වයස අවුරුදු 82ක පුද්ගලයෙකු මෙලෙස මියගිය බවයි.
මොහු පිළිකා රෝගයකින් සහ නිධන්ගත රෝග රැසකින් පෙළෙමින් සිට ඇති අතර, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
කොළඹ බන්ධනාගාරයේ සිට රැගෙන ආ රැදවියන් 112දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට පසුගිය සතියේ තහවුරු වී ඇත.
මෙම මියගිය පුද්ගලයාගේ පළමු පී.සී.ආර්. වාර්තාවෙන් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති අතර, දෙවන පී.සී.ආර් පරීක්ෂණය ලබන 26 වැනි දින සිදුකිරීමට නියමිතව තිබූ බව මහර බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
