News

කොරෝනා ආසාදිතයින් ලක්ෂ 35 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,567,001 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 1,188,421ක්.

ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 247,122ක්
ඉතාලියෙන් ආසාදිතයින් 210,717ක්
බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 186,599ක්
ප්‍රංශයෙන් ආසාදිතයින් 168,693ක්
ජර්මනියෙන් ආසාදිතයින් 165,664ක්
රුසියාවෙන් ආසාදිතයින් 134,687ක්
තුර්කියෙන් ආසාදිතයින් 126,045ක්
බ්‍රසීලයෙන් ආසාදිතයින් 101,826ක් ලෙස වාර්තා වේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 68,602ක්.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 28,884ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 28,446ක්, ස්පාඤ්ඤයෙන් මරණ 25,264ක් සහ ප්‍රංශයෙන් මරණ 24,895ක් ලෙස වාර්තා වේ.