News

කොරෝනා ආසාදිත රැඳවියන් 5ක් පළායයි

පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළාගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද (31) අලුයම ඔවුන් පිරිස පළා ගොස් ඇති බවයි.

එම රැඳවියන් මීගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන විත් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මෙලෙස පලාගිය රැඳවියන් 22, 23, 26, 32 සහ 52 යන වයස් වල පසුවන්නන් බවට තොරතුරු අනාවරණය වී ඇත.