කොරෝනා එන්නතේ පර්යේෂණ සොරා ගන්න සයිබර් ප්‍රහාරයක්
සිය ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල කර කොවිඩ් -19 එන්නතේ පර්යේෂණවලට සම්බන්ධ ලියකියවිලි රැසක් කිසියම් කණ්ඩායමක් විසින් සොරාගෙන ඇතැයි යුරෝපීය ඖෂධ ඒජන්සිය ප්‍රකාශ කරයි.
ෆයිසර් ආයතනය සමග එක්ව බ්‍රිතාන්‍යයේ කොවිඩ් -19 වෙනුවෙන් එන්නත් නිපදවන බයෝ එන්ටෙක් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය අතරතුර සිය ක්‍රියාවලියට ප්රවේශවීමටද හැකර්වරුන් කටයුතු කර ඇති බවයි.
යුරෝපීය ඖෂධ ඒජන්සිය මේ වනවිට කොවිඩ් -19 වයිරසයට එරෙහි එන්නත් දෙකක් පිළිබඳව කටයුතු කරමින් සිටින අතර එම ක්‍රියාවලිය සති කිහිපයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරයි. කෙසේ වෙතත් මෙම සයිබර් ප්‍රහාරය එම කාල රාමුවට බලපානු ඇද්දැයි ඒජන්සිය නිශ්චිතව ප්‍රකාශ කර නැත.
ඒජන්සියේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ප්‍රහාරය තවමත් ක්‍රියාත්මක බවයි. එසේම කොවිඩ් -19 එන්නත් නිෂ්පාදකයන් විසින් ඒවා නියාමනය කිරීම සඳහා යොමු කරන ලද අයැදුම්පත් සහ ඒවාට අදාළ ලියකියවිලි ප්‍රහාරකයන් සොරාගෙන ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.
එක්සත් රාජධානියේ මේ වනවිට ආරම්භ කර ඇති ෆයිසර්-බයෝටෙක් සහ මෝඩර්නා යන එන්නත් දෙකම යුරෝපා රටවල භාවිතයට ආරක්ෂිත දැයි යුරෝපීය ඖෂධ ඒජන්සිය තීරණය කිරීමට උත්සාහ කරමින් සිටී.
කෙසේ වෙතත් මෝඩර්නා හැකර්වරුන් ප්රවේශවී ඇද්දැයි යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය කර නැත. මෙම ප්‍රහාරය කොවිඩ් -19ට එරෙහිව එන්නත් නිර්මාණය කරන්නන්ට සහ මහජන සෞඛ්‍ය ආයතනවලට කෙරුණු තර්ජනයක් බවද මේ වනවිට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇත.
නයන තරංග ගමගේ
