News

කොරෝනා වෛරසයෙන් ලක්ෂ 12ක් සුව අතට

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සුව වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,200,317ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 3,646,468ක්.

මෙම වෛරසයෙන් මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 252,429ක් වේ.

ආසාදිතයින් 1,212,955ක් වාර්තා වන ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 69,925ක්.

ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 248,301ක් වාර්තා වන අතර, එරටින් වාර්තා වන මරණ සංඛයාව 25,428ක්.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙනි.

එරට ආසාදිතයින් සංඛ්‍යාව 211,938ක්.

බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 190,584ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයින් 169,462ක් ලෙස වාර්තා වේ.

එමෙන් බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 28,734ක් වාර්තා වන අතර, ප්‍රංශයෙන් මරණ 25,201ක් වාර්තා වේ.