News

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙකු හදුනාගැනේ

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙමින් තිබෙන විශේෂ මාධ්‍ය හමුවේදීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ තිදෙනා මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් තිදෙනෙකු බවයි.

එම රෝගීන් අතර වයස අවුරුදු 13ක ගැහැනු දැරියක්, වයස අවුරුදු 50ක සහ වයස අවුරුදු 37ක පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 21කි.