News

කොරෝනා වෛරසය ආසාදනය වූ 24ක් පූර්ණ සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 24ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ්-19 වෛරසය සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,421ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,924ක්.

ඉන් 492දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.