කොරෝනා සුව වූවන්ට දුර්ලභ මාරාන්තික දිලීරයක් ආසාදනය වෙලා
කොවිඩ් -19 වෛරසය සුව වූ රෝගීන් පිරිසක් බරපතළ දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බව නව දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරු කරන ලද පරික්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ.
මුකෝර්මිකෝසිස් දිලීරය (mucormycosis fungus) සාමාන්‍යයෙන් පැතිරීමට දින 15-30 අතර කාලයක් ගතවන නමුත් කොරෝනා වෛරස් රෝගීන් තුළ දින 2-3 ක් තුළ වර්ධනය වන බව වෛද්‍යවරු අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබේ.
මෙම දිලීරය ආසාදනය මඟින් නාසය සහ හකු ඇට ඉවත් කිරීමට සිදුවන අතර ඇස් පෙනීම ස්ථිරවම අහිමි වේ.
මොළයට දිලීර පැතිරෙන රෝගීන්ගේ මරණ අනුපාතය සියයට 50ක ඉහළ අගයක් පවතින බවද වෛද්‍යවරු සඳහන් කරයි.
මෙම දිලීර ආසාදිත පටක ඉවත් කිරීම සඳහා පසුගිය සති දෙක තුළ රෝගීන් 10 දෙනෙකුට සැත්කම් කිරීමට සිදු වී ඇති බව ගංගා රාම් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් සඳහන් කරයි.
කොරෝනා වෛරසයට ගොදුරු වන රෝගීන්ගේ එම වෛරසය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට සිදුවන හානි හේතුවෙන් මෙම දිලීරය වැළැඳීමෙන් පැතිරී යන අතර රෝගීන්ට පොදුවේ ලබා දෙන ස්ටෙරොයිඩ් විශාල මාත්‍රා හේතුවෙන් සිදුවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සයිටොකීන් ප්‍රතිචාර උපයෝගී කරගනිමින් දිලීර ධාරකයේ ශරීරයට ඇතුළු වන බව හඳුනා ගෙන ඇති බව ගංගා රාම් රෝහලේ උගුර කන නාසය පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය මනීස් මූන්ජාල් විසින් ඉන්දීයානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
මුකෝර්මිකෝසිස් නාසයේ මූලයෙන් ඇස් සහ මොළය දක්වා ගමන් කිරීමට ඉඩ සලසන බවත් එය හඳුනා නොගතහොත් එය දින කිහිපයකින් රෝගීන්ගෙන් සියයට 50 කට වඩා මිය යා හැකි බව වෛද්‍යවරු අනතුරු අඟවයි.
