News

කොවිඩ් ආසදනයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

කොවිඩ් ආසදනයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වූ සෑම පුද්ගලයින් තිදෙනෙක් ගෙන් එක් අයෙක් ට දීර්ඝ කාලීනව විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඒ අනුව එවැනි පුද්ගලයින් ට මානසික ආබාධ, හෝ ස්නායු ආබාධ ලක්ෂණ ඇතිවිය හැකි බව පර්යේෂකයන් පවසන බව වාර්තා වේ.

ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව “Lancet Psychiatry” සඟරාවේ පළකර තිබේ.

කොවිඩ් සුවවූ 17%ක් කාන්සියෙන් පෙළෙන බවත්, 14%ක් ක්ෂණික ඉරියව් වෙනස්වීම් වලට ලක්වන බවත් එම වාර්තාවේ දැක්වේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අය අතර ස්නායු ආබාධයන් මතුවිය හැකි බවද එම පර්යේෂකයෝ පෙන්වා දෙයි.

රෝගය සුව වී මාස 6කට පමණ පසුව මෙම අතුරු ආබාධ මතු විය හැකි බව එම පර්යේෂණය මගින් තවදුරටත් අනාවරණ කරගෙන තිබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී සුවවූ පුද්ගලයින් 236,000කගේ තොරතුරු ආශ්‍රයෙන් එම පර්යේෂණය සිදුකර තිබේ.