News

කොවිඩ් ආසාදනය වූ 20ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛසරය ආසාදිත 20දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට මෙරට තුළ ආසාදිතයින් 3,230දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3363ක් වන අතර, ඉන් 120දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

මෙම වෛරසය හේතුවෙන් මෙරට තුළ මියගිය සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 13ක් වේ.