කොවිඩ් ආසාදනය වූ 461ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 461දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 22,261කි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 30,072ක් වන අතර, ඉන් 7,811දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්රතිකාර ලබයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත පුද්ගලයින් ගණන 144කි.
