News

කොවිඩ් ආසාදිතයන් 18කට සුවයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙක් සුවය ලබා ඇත. ඔවුන් මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මේ වන විට 2907ක් සුවය ලබා ඇත.

ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 3,111ක් ලෙස සටහන් වේ.

තව ද රෝගීන් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.