කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි එකහමාර ඉක්මවයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක් කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 40 දක්වා ඉහළ ගොස් ඇත.
ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
එම සංඛ්‍යාව විසි එක් ලක්ෂ හැටහයදහසක්.
ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 12කට ආසන්න වී තිබේ.
ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර, එම සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස් හතරදහස ඉක්මවා ගොස් තිබේ.
බ්‍රසීලයෙන් මරණ 81,597ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 45,422ක්, මෙක්සිකෝවෙන් මරණ 40,400ක් සහ ඉතාලියෙන් මරණ 35,073ක් ලෙස වාර්තා වේ.
