News

කොවිඩ් ආසාදිත මවකට සිව් නිවුන් දරු උපතක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ගැබිණි මවක් විසින් සිව් නිවුන් දරු උපතක් සිදුකර ඇත.

ඒ, කොළඹ ද සොයිසා රෝහලේ දීය.

සිසෙරීයන් සැත්කමකින් ඇය අද (17) පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති අතර දරුවන් සිව් දෙනාම නිරෝගීව පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වයස අවුරුදු 29ක් වූ මෙම කාන්තාව කොළඹ 10 කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.