කොවිඩ් ආසාදිත 785ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 785දෙනෙකු සුවය ලබා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට මෙරට තුළ 25652දෙනෙකු සුවය ලබා ඇති බවයි.
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34121ක් වන අතර ඉන් 8312දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබයි.
කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් අද දහවල් වන විට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 157කි.

