කොවිඩ් කුකුළු මස් කඩ හතරක් වසා දමයි
ගම්පොළ ශික්ෂණ රෝහලේ ආසාදිත වෛද්‍යවරියගේ පියාද ආසාදිතයකු වීමත් සමග ඔහුගේ සේවා ස්ථානයේ සේවකයන් දෙදෙනකුද එයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ගම්පොළ නගරයේ කුකුළු මස් වෙළෙඳසල් ජාලයක හිමිකරුවකු වන ඔහු රෝගී තත්ත්වයෙන් සිටියදී එම වෙළෙඳසල්වල සේවය කර ඇති බවද හෙළිවී තිබේ.
ඊයේ උදෑසන (16දා) වනවිට ගම්පොළ නගරයේ ඇති කුකුළු මස් කඩ 4 ක් හා එක් හෝටලයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.
සුරංග දිල්හාන් – ගම්පොළ
