කොවිඩ් දෙවැනිවර වැලඳුන අයකුගෙන් වයිරසය බෝනොවේ
කොවිඩ් 19 ආසාදනය වී සුව වූ පුද්ගලයකුට නැවත එය ආසාදනය වුවද ඔහුගෙන් බාහිර පාර්ශ්වයකට වයිරසය පැතිරීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර ‘අරුණ’ට පැවැසීය.
එම නිසා මේ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
පෙරේදා (15දා) අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් දෙවන වරට කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ කාන්තාවක් වාර්තා විය.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙවැනි රෝගීන්ගේ ශරීර විෂබීජහරණයට ලක් කර ඇති නිසා මෙම තත්ත්වයන් ඉතා කලාතුරකින් සිදුවන බවත්ය.
එලෙස පෙරේදා (15දා) වාර්තා වූ ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද හෙතෙම පැවැසීය.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වයිරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව යන පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දෙසතියක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කරන බවයි.
සුවය ලබා රෝහල්වලින් පිටව යන පුද්ගලයින් ගිලන් රථ මගින් නිවෙස්වලට රැගෙන යන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
චාමර පල්ලේගෙදර
