News

කොවිඩ් මඬින අරාබි එන්නතට යුරෝපයේ අවධානය

කොවිඩ්-19 වෛරසය අඩපණ කළ හැකි නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇති අතර, ඒ පිළිබඳව යුරෝපා රටවල වෛද්‍ය පර්‌යේෂකයන්ගේද අවධානය යොමුව තිබේ.

තමන් හඳුන්වා දුන් නව ප්‍රතිකාර ක්‍රමය බෙහෙවින් සාර්ථක බවත්, කොවිඩ්-19 ආසාදිතයන්ට ඉන් කඩිනමින් සුවය ලැබෙන බවත් එක්සත් අරාබි එමීර් වෛද්‍යවරු විසින් ඉකුත් පළමුවැනිදා අනාවරණය කළේය.

අබුඩාබිහි රෝහල් කිහිපයක කොවිඩ්-19 ආසාදිතයන් යොදා ගනිමින් මෙම ප්‍රතිකර්මය සිදුකළේ එක්සත් අරාබි එමීර් වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතව බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

අශිකා ජයවීර